Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Tuesday, 09 July 2013 10:56

Fashion Bug විලාසිතා දැක්මක්

Rate this item
(0 votes)
Fashion Bug විලාසිතා දැක්මක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ නිමි ඇගලූම් ප‍්‍රදර්ශනාගාර ජාලයක් වන ෆැෂන්බග් ආයතනය ඔවුන්ගේ නවතම සාරි විලාසිතා සහ යුරෝපිය ඇඳුම් විලාසිතා එකතුවේ විලාසිතා දැක්මක් පසුගිය 07 වැනිදා Kaleeidoscope - The Stables - Park Street Mews හිදි පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරාධිතයින් ලෙස කොළඹ අවට සිටින ප‍්‍රවීන ඇඳුම් නිර්මාණශිල්පින් මෙන්ම ඇඳුම් විලාසිතාවන් සඳහා ප‍්‍රියකරන පාරිභෝගිකයින් 375ක් පමණ ප‍්‍රමාණයක් සහභාගි විය.

ෆැෂන් බග් ආයතනය මෙහි ප‍්‍රධාන අනුග‍්‍රහකයෙකු ලෙස විවිධ කාණ්ඩ යටතේ රැකියා සඳහා යන අයට, කර්ට්වර්ක්, වැඩදැමු සහ මුද්‍රත වැනි සාරි විලාසිතා මෙන්ම යුරෝපිය ඇඳුම් විලාසිතා නිර්මාණ රැකියාවට යන අය සඳහා මෙන්ම විවේකි සන්ද්‍යාවේ උත්සව සඳහා සුදුසු නිර්මාණ මෙම විලාසිතා දැක්මෙදි ප‍්‍රදර්ශනය කේරිණ.

ෆැෂන්බග් ආයතනය වේගවත්ව වෙනස් වන නව ලොවට සරිලන විලාසිතා ශ‍්‍රී ලාංකිය ජනතාවට හඳුන්වා දෙන ප‍්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප‍්‍රදර්ශනාගාර ජාලයකි.

ෆැෂන්බග් ආයතනයේ වෙළඳ කළමණාකාරිණි නදීශා වික‍්‍රමතිලක පවසන පරිදි අපි සැමවිටම අපගේ ඇඳුම් නිර්මාණ අදට සරිලන ලෙස වෙනස් කරමින් ඉදිරිපත් කිරිමට නිතරම කටයුතු කිරිමට බලාපොරොත්තු වෙන් සිටින ආයතනයකි.

Image Gallery

{gallery}1646{/gallery}
Read 372 times
More in this category: « Anusha Rajapaksha
Body
Background Color
Text Color
Background Image